17 December 2025

logo

ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස ජපානයට හිමි තැන ගිලිහෙයි



2023 සඳහා ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සිංගප්පූරුව සමත්වුණා. 

ඒ, එරට පුරවැසියන්ට ලොව පුරා ඇති ගමනාන්ත 227න් 193ක් සඳහා වීසා රහිතව ගමන් කළ හැකිවීමෙන්.
 
මෙම ස්ථානය මින් පෙර හිමිව තිබුණේ ජපාන විදේශ ගමන් බලපත්‍රය සඳහායි. 
 
නමුත් නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ජපානය තුන්වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්. 
 
2023 නව ශ්‍රේණිගත කිරීම් අනුව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි පළමු ස්ථාන 10 පහතින්.,
1. Singapore (ගමනාන්ත 192) 
2. Germany, Italy, Spain (ගමනාන්ත 190) 
3. Austria, Finland, France, Japan, Luxembourg, South Korea, Sweden (ගමනාන්ත 189) 
4. Denmark, Ireland, Netherlands, UK (ගමනාන්ත 188) 
5. Belgium, Czech Republic, Malta, New Zealand, Norway, Portugal, Switzerland (ගමනාන්ත 187) 
6. Australia, Hungary, Poland (ගමනාන්ත 186) 
7. Canada, Greece (ගමනාන්ත 185) 
8. Lithuania, United States (ගමනාන්ත 184) 
9. Latvia, Slovakia, Slovenia (ගමනාන්ත 183) 
10. Estonia, Iceland (ගමනාන්ත 182) 
 
එම ශ්‍රේණිගත කිරීමේ අවසාන රටවල් වන්නේ., 
101. Syria (ගමනාන්ත 30) 
102. Iraq (ගමනාන්ත 29) 
103. Afghanistan (ගමනාන්ත 27)
(colombotimes.lk)