colombotimes.lk
සිංහල | English

19 May 2024

අර්ථසාධක අරමුදල ගැන ජනපති දුන් සහතිකය



අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. 

එමෙන්ම ජනාධිපතිවරයා විසින් අර්ථසාධක අරමුදලට සියයට නවයක් දෙන බවට පොරොන්දු වී තිබෙන බවයි සඳහන් කළේ. 
 
මෙය තීරණය කළේ තමා නොව පොහොට්ටුවේ ආණ්ඩුවෙන් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 
 
මේ අතර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවුණා. 
 
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම කාරක සභාව තවමත් සාකච්ඡා කර නොමැති බවයි. 
 
මුදල් කමිටුව පනත ගැන කිසිඳු විශ්ලේෂණයක් තවමත් කර නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා මේ උත්සහ දරන්නේ රාජ්‍ය මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේ පැත්තකට දැමීමට දැයි ප්‍රශ්න කළා. 
 
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මේ පනත ගැන තොරතුරු ඉල්ලා සිටි බවත් ඊයේ වන තුරු එම තොරතුරු ලැබී නැති බවත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා. 
 
දත්ත නොමැතිව පනත් කෙටුම්පත විශ්ලේෂණය කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළා.
(colombotimes.lk)