11 January 2026

logo

මහ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ දේ අගමැතිනිය කියයි



පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළේ පාර්ලිමේන්තුව නොව පාර්ලිමේන්තුවට පත්වූ දූෂිත දේශපාලඥයන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ දෙදින විවාදය ආරම්භ කරමින්.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ කඩා වැටී ඇති රටේ ආර්ථිකය යළි නගාසිටුවීම සඳහා පියවර ගැනීමේදී දූෂණය නාස්තිය නැති කිරීමට පියවර ගතයුතු බවයි.

(colombotimes.lk)