01 February 2025


අද පැවැත්වීමට නියමිත විරෝධතාවකට අධිකරණ නියෝගයක්



පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය ඇතුළු ප්‍රදේශවල අද (24) පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින්, අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව පොලීසිය පවසනවා. 

ඒ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළවයි. 
 
වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව අධිකරණය එම නියෝගය ලබාදී තිබෙනවා. 
 
එමෙන්ම මෙම අණ කඩ කළොහොත් සාමය රකිනු සඳහා ශ්‍රී ලංකා පොලීසිය වහාම පියවර ගත යුතු බවයි අධිකරණය දැනුම්දී ඇත්තේ.
(colombotimes.lk)