පෙබරවාරි මස 7 සහ 8 දෙදින වසා තැබෙන දුම්රිය හරස් මාර්ගයක් පිළිබඳව නිවේදනයක් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාවක් සඳහා මෙසේ වසා තබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ පහත පරිදියි...
* 7 වැනිදා පෙරවරු 7.00 සිට පෙරවරු 10.30 දක්වා අර්ධ වශයෙන් ද, එදින පෙරවරු 10.30 සිට රාත්රී 10.30 දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙයි.
* 8 වැනිදා පෙරවරු 6.00 සිට රාත්රී 10.30 දක්වා අර්ධ වශයෙන් ද වසා තැබෙයි.
කැකිරාව - ගනේවල්පොල මාර්ගයේ ඇති මෙම දුම්රිය හරස් මාර්ගය අර්ධ වශයෙන් වසා තබන කාලය තුළදී වාහන ධාවනය හසුරුවන බවත් සම්පූර්ණයෙන් වසා තබන කාලයේදී විකල්ප මාර්ග භාවිත කළ යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)