18 May 2025


කාලගුණයෙන් රතු එළියක්



බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් මෙලෙස තද වැසි ඇති විය හැකි බවයි.

(colombotimes.lk)