මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාවේ, ශාලාධිපතිනිය අත්අඩංගුවට ගෙන අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන්.
මහෙස්ත්‍රාත්වරයා විසින් එම ශාලාධිපතිනිය, ශාලා සේවක හා මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයා පෙබරවාරි මස දෙවැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම සිදුවීමට සම්බන්ධ ශාලාධිපතිනිය පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරියක් ලෙස සේවය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන මෙහෙයවමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)