14 October 2025

logo

ලොව පුරා හෘද රෝග මරණ පිළිබඳව අනාවරණයක්



ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් 80%ක් ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

එමෙන්ම ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම වන අතර සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීමෙන් හෘද රෝග අවම කර ගැනීමට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)