13 December 2025

logo

ලක්ෂ 80ක ශ්‍රම බලකායෙන් බදු දැලට හසුවන්නන් ගැන අනාවරණයක්



2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (18) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව සම්බන්ධයෙන් එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් සඳහන් කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බවයි.

(colombotimes.lk)