13 December 2025

logo

සාගරිකා ජිවිතයක් බිලිගනියි



අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් ගොඩගම - කහව දුම්රිය හරස් මාර්ගයේදී ගැටීමෙන් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා දුම්රියේ මෙම ලොරි රථය ගැටී තිබුණා. 
 
තවත් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර මියගිය පුද්ගලයාගේ දේහය කහව දුම්රිය ස්ථානයට බාර දී තිබෙනවා. 
 
මියගොස් ඇති පුද්ගලයා බද්දේගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවූ විවාහකයෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)