11 February 2025


ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික සෙබළෙකුට දිවි අහිමි වෙයි



ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ අනතුරකින් නාවික හමුදා සෙබළෙකු මිය ගොස් තිබෙනවා.

ඒ උතුරු මුහුදේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව දියත් කළ මෙහෙයුමක් අතරතුරදීයි.

එහිදී ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී නාවික හමුදා සෙබළා යාත්‍රා දෙකකකට මැදි වී සිරවී අනතුරකට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.    
(colombotimes.lk)