රුසියාවේ සහ ප්‍රංශයේ නැවියන් තිදෙනකු රැගත් බෝට්ටුවකට ඔස්ට්‍රේලියා මුහුදු තීරයේදී මෝරුන්ගේ ප්‍රහාරයට ලක්වී තිබෙනවා.
වනෝටෝ දූපත් රාජ්‍යයේ සිට ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් තිබූ එම බෝට්ටුව මෝරුන්ගේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ එරට ඊසානදිග වෙරළට ඔබ්බෙන් මුහුදු සීමාවේදීයී.
බෝට්ටුවේ බඳට මෝරුන් පහරදීමෙන් එය මුහුදෙහි ගිලෙමින් තිබියදී ඔස්ට්‍රේලියානු වෙරළාරක්ෂක හමුදාවට ලැබුණු හදිසි අනතුරු ඇඟවීමේ පණිවුඩයකින් පසු එම තිදෙනා බේරා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙහෙයුම් නිලධාරින්ගේ සහායට ගලවා ගැනීමේ හෙලිකොප්ටරයක් ද පැමිණ ඇති අතර, කැන්බරා හදිසි ආපදා මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ නැවියන් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
(colombotimes.lk)