ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනතාව රැවටීමේ උපායක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අයවැය කතාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුමේ ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීමට නොහැකි වීම සහ IMF දෙවන වාරිකය ලබා ගැනීමට නොහැකි වීම නිසා ජනාධිපතිවරයා විසින් සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි.
මෙවර අයවැයෙන් වැඩකරන ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ගැන කතා කිරීමට පෙර 2022 අයවැය යෝජනා කීයක් ක්‍රියාත්මක කර ඇත්ද යන්න බලධාරීන් සිතා බැලිය යුතු බව ප්‍රේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
2022 අයවැයෙන් පොරොන්දු වූ විශාල යෝජනා ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවද ඔහු පැවසුවා.
(colombotimes.lk)