19 December 2025

logo

සනත් නිශාන්තගේ මරණයට හේතුව හෙළිවෙයි



සනත් නිශාන්ත මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා විසින් සිදු කළා. 

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ මිය යාමට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ පපුවට සහ වම් පාදයට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව තිබෙන බවයි. 
 
මේ අතර සනත් නිශාන්තගේ මහතාගේ මෘත දේහය ඔහුගේ සහෝදරයෙක් සහ මිතුරෙක් විසින් හඳුනාගෙන තිබුණා.
(colombotimes.lk)