රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ, කටුනායක අධිවේගි මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් එහි රියැදුරු තමන්ට සිදු වූ දේ ගැන පවසා තිබෙනවා.
ඒ පොලිස් නිලධාරින් සහ සනත් නිශාන්ත මහතාගේ සමීපතමයන් රෝහලට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසන අවස්ථාවලදීයී.
'අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ වාහනය මම වමට කැපුවා. ඒත් එක්කම අපේ වාහනය කන්ටේනර් එකේ ලොකු සද්දෙකුත් එක්ක වැදුණා. වාහනය කැරකෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ මොනව වුණාද කියල සිතා ගන්න බැරි වුණා”
රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු ප්‍රභාත් එරංග මේ වන විට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ගත් අතර ඔහු 39 හැවිරිදි දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිසිය සැක පළ කරන්නේ, සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථයේ රියදුරුට නින්ද යාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි.
(colombotimes.lk)