colombotimes.lk
සිංහල | English

24 September 2024


සනත් නිශාන්ත මහතාගේ දේහයට මහජන ගෞරවය දැක්වීමට අවස්ථාව (PHOTOS)



ඊයේ (25) පස්වරු 6ට පමණ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත රැගෙන ආවා. 

දේහය අද (26) පෙරවරු 10.30 ට පුත්තලමේ පිහිටි නිවස වෙත රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු ලබන ඉරිදා (28) සිදු කිරීමට නියමිතයි. 
 
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා 1975 මැයි මස 03 වනදා උපත ලැබූ අතර ඒ මහතා මියයන විට 48 වන වියේ පසුවුණා. 
 
1997 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට තරගකරමින් දේශපාලනයට පිවිසි ඒ මහතා පසුව 2004 වසරේදී වයඹ පළාත් සභාවටත් 2015 දී පළමුවරට පාර්ලිමේන්තුවටත් තේරී පත්වුණා. 
 
මිය යනවිට ඔහු ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 
 
ඔහු සමඟ මියගිය ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන්නේ පොලිස් කොස්තාපල් අනුරුද්ධ ජයකොඩි මහතා වන අතර ඔහු මහව පදිංචි එක්දරු පියෙකු වනවා.
(colombotimes.lk)
May be an image of 9 people and hospital
May be an image of 1 person and dais
May be an image of dais
May be an image of 7 people
May be an image of 2 people and flower