මෙරට පාසල් ළමුන්ගෙන් 05න් 01කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ එම දරුවන් යොවුන්වියට පැමිණීමේදී ස්ථූලභාවයට පත්වීමේ අවදානම පවතින බවයි.
ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එකවෙමින් ඔහු මේ පිළිබඳව අදහස් පළ කළා.
(colombotimes.lk)
