නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
පෙර වර්ෂයේ ද 50%ක ප්‍රදානයක් ලබා දීමට මුලින් එකඟව සිටි චීන රජය, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත 70%ක දක්වා වැඩි කර එම ප්‍රදානය ලබා දුන් බවත් මෙවර ද එය 80% දක්වා තව දුරටත් ඉහළ නංවා ලබා දීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට ඊයේ (11) නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දුන් අවස්ථාවේදීයී.
(colombotimes.lk)