13 March 2025


ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියට ලංකාවෙන් තිදෙනෙක්



ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් මෙවර සුදුසුකම් ලබා සිටිනවා.

වසර 24කට පසු මෙම ශූරතාවලිය සඳහා මෙරටින් සහභාගී වන වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාව සහභාගී වන්නේ මෙම වසරේදීයි.

එමෙන්ම 21වන වරට ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය චීනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

චමෝද් යෝධසිංහ මීටර් 60 ධාවන ඉසව්ව සඳහාත්, කාලිංග කුමාරගේ මීටර් 400 ධාවන ඉසව්ව සදහාත් සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සුදුසුකම් ලබා ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ කවීෂ බණ්ඩාරයි.

ඔහු මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්ව සඳහා ඉදිරිපත් වනවා.

2001 වසරේ පෘතුගාලයේ පැවැති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකු සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ශූරතාවලිය එළැඹෙන 21වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

(colombotimes.lk)