13 March 2025


වයඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන ගැටලු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට



වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ උද්ගත වී ඇති වත්මන් අධ්‍යයන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (12) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල් වසන්ත කුමාර, වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ, වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති අචාර්ය මංජුල වික්‍රමසිංහ සහ එම පීඨයේ ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා.

(colombotimes.lk)