13 March 2025


හෝමාගම මුව තර්ජනය මැඩපැවැත්වීමට පියවර



හෝමාගම ග්‍රාම සේවා වසම් කිහිපයක සැරිසරන මුවන් රංචුවක් වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මුවන් 1500ත් 2500ත් අතර රංචුවක් එම ප්‍රදේශයේ ගොවීන්ගේ නිෂ්පාදන විනාශ කරන බවයි.

ඒ අනුව මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව මැතිවරණ කොට්ඨාශයේ මුවන් ගහනය ඇස්තමේන්තු කිරීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)