19 December 2025

logo

දුම්රියේ සිට සෙල්ෆි ගන්න ගිය විදෙස් කාන්තාවකට අනතුරක්



දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දෙමෝදර මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය සඳහන් කළා. 

මෙම අනතුර සිදුව ඇත්තේ ඇල්ල ගල්බිංගය අසලදීයී. 
 
මෙසේ තුවාල ලබා ඇත්තේ මෙරට සංචාරයක පැමිණ සිටින රුසියානු ජාතික ක්‍රිස්ටිනා අලක්වානා නමැති 25 හැවිරිදි තරුණ කාන්තාවක්. 
 
හික්කඩුව සිට එක්දින සංචාරයක් සඳහා ඇල්ලට පැමිණ සිටියදී ඇය මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
(colombotimes.lk)