19 October 2025

logo

ලිංගික අධ්‍යාපනය සඳහා නව විෂය නිර්දේශයක් ළඟදීම



රජය විසින් පාසල් සිසුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා නව විෂය නිර්දේශයක් සකස් කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන කරුණු සැළකිල්ලට ගනිමින් විෂය නිර්දේශය සකස් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පාර්ලිමේන්තු ළමා සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න පවසනවා.

නව විෂය නිර්දේශය පිළිබඳ මූලික සාකච්ඡා ළමා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේදී පැවැත්වුණු බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව පෙර පාසලේ සිට විවිධ වයස් කාණ්ඩ සඳහා ගැලපෙන පරිදි විෂය නිර්දේශය සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙහිදී දරුවන්ට වැදගත් මාතෘකා පිළිබඳ නිසි දැනුමක් සහ අවබෝධයක් ලබා දීම ද අරමුණු කර ගෙන ඇති බව සඳහන්.
(colombotimes.lk)