ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා අද (31) තෝරාගනු ලැබුවා.
ඒ තවත් වසරක කාලයක් සඳහායි.
මේ සඳහා ඔහුගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින්.
එම යෝජනාවට ආසියානු ක්‍රිකට් සාමාජික රටවල් කිසිවක් විරෝධය දක්වා නැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජේ ෂාගේ ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධූර කාලය දීර්ඝ කෙරුණු තෙවැනි අවස්ථාව මෙය වනවා.
(colombotimes.lk)
