12 July 2025

logo

නෙලුම් මාවත අසළ උණුසුම් තත්වයක්



'රට වනසන පනත් පරාජය කරමු' ලෙස සටහන් පුවරු සමඟ සිවිල් සංවිධ කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසළ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙලුම් මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණ තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් නෙලුම් මාවතට ඇතුළු වන මාර්ගය අසලදී පොලීසියෙන් බාධා කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී ඔවුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට විරෝධය පළ කළා.

ඒ, අමාත්‍යවරයා එම මාර්ගයෙන් ගමන් කිරීමට උත්සහ කිරීමත් සමඟයි.

(colombotimes.lk)