30 May 2026

logo

මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 6ක් කොටුවෙයි



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 200ක් සහ රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 02ක් හා රුපියල් 2,000 ව්‍යාජ මුදල් නෝට්ටු 21ක් සමඟ සැකකරුවන් හයදෙනෙක් රත්මලාන සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25, 29, 30, 32, 35 හා 52ක් වන ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පැලෑඳ හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

(colombotimes.lk)