02 May 2026

logo

SL Vs AFG - පළමු දිනයේදී ශ්‍රී ලංකාව පෙරමුනේ



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 198ට පිළිතුරු වශයෙන්.

නොදැවී පන්දුවට පහරදුන් දිමුත් කරුණාරත්න ලකුණු 42ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 36ක් රැස් කරගෙන සිටිනවා.
(colombotimes.lk)