02 July 2025

logo

ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම පිළිබඳ සුබ බලාපොරොත්තුවක්



ළඟදීම ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පැනවූ තහනම ඉවත් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කරනවා. 

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බවයි. 
 
එමෙන්ම ඒ සඳහා ICC විසින් ලබාදෙන ලිපිය මේ සතිය තුළ ලබාගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කළා. 
 
මේ අතර ශම්මි සිල්වාට එරෙහිව ඇති චෝදනා තමන් ICCයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසුවා.
(colombotimes.lk)