14 October 2025

logo

යුධ හමුදාවේ 76වන සංවත්සරයට සමගාමීව විශේෂ ආශීර්වාද පූජාවක්



ශ්‍රී ලංකා යුධ හමුදාවේ 76වන සංවත්සරයට සමගාමීව විශේෂ ආශීර්වාද පූජාවක් අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.

ඒ යුධ හමුදා ධජයන්ට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීමේ අරමුණින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන්.

යුධ හමුදාව සඳහන් කළේ මෙම අවස්ථාවට යුධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූ බවයි.

(colombotimes.lk)