විශේෂ කැබිනට් රැස්වීමක් අද (28) පැවැත්වීමට නියමිතයි.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා වන රජයේ සැලැස්ම මෙම රැස්වීමේදී විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇති.
මේ අතර, රජයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද අද (28) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ පස්වරු 5ට ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
යෝජිත දේශීය ණය ප්‍රශස්ත කිරීමේ වැඩසටහන සිකුරාදා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
මෙම වැඩසටහන සෙනසුරාදා සහ ඉරිදා දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
(colombotimes.lk)