06 July 2025

logo

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්



පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදුවූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. 

ඔහු පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම තුළ ඉස්මතු කර දැක්විය යුතු මහ ගුණාංගයක් වන්නේ අවිහිංසාව බවයි. 

අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීමෙන් පමණක් බවත් එම සාමුහික ප්‍රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙන ලෙස සියලුදෙනාට ආරාධනා කරන බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)