17 September 2025

logo

මූල්‍ය ආරවුල් සඳහා විශේෂ සමථ මණ්ඩලයක්



අධිකරණයට යොමුවන මූල්‍ය ආරවුල් අවම කිරීම සඳහා මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පවසනවා.

ඔහු කියා සිටියේ එහි පළමු අදියර යටතේ කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොනරාගල දිස්ත්‍රික්ක තුළ විශේෂ මූල්‍ය ආරවුල් පිළිබඳ සමථ මණ්ඩල පිහිටුවීමට කටයුතු කරන බවයි.

2025 ජාතික සමථ මණ්ඩල දිනය වෙනුවෙන් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙම අදහස් පළ කළා.

(COLOMBOTIMES.LK)