වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරුවලට උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ පසුගියදා පැවති තරග විභාගයෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණු බවයි.
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සඳහා 294දෙනෙක් සහ භෞත චිකිත්සක තනතුර සඳහා 200දෙනෙක් බඳවා ගැනීමට අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම සම්මුඛ පරීක්ෂණයෙන් සමන් වන අයදුම්කරුවන් අදාළ පාඨමාලාවන් සඳහා බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)