23 October 2025

logo

සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්



එළඹෙන මහා සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) යන දිනවලදී දේවස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක් යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා සහ සංවිධායකවරුන් සමඟ ඒකාබද්ධව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසට සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)