06 July 2025

logo

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්



පොසොන් වන්දනා සමයේ අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී පොලිස් මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 

0252222124 එම දුරකථන අංකයයි. 

මේ අතර වන්දනමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3500කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අනුරාධපුර පූජා නගරය අවට රාජකාරී සඳහා යොදවා තිබෙනවා. 
 

(colombotimes.lk)