නානුඔය සිට නානුඔය කිරිමැටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ වර්ගයේ රථයක් නානුඔය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් ඊයේ (25) රාත්‍රියේ අනතුරක් සිදු වීතිබෙනවා.
තලවකැලේ ඩෙස්පෝඩ් හරහා නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කිරිමැටිය ප්‍රදේශයේදීයි.
අධික වේගයෙන් ධාවනය වූ රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලී මෙම අනතුර සිදු වී තිබේ.
එම අනතුරින් රථයේ රියදුරා සහ ලොරි රථයේ ඉදිරිපස ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
