මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති පොලිස් ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිස් මූලස්ථානයේ චක්‍රලේඛය සහ උපදෙස් පිළිපැදීමට පොලිස් ස්ථාන කිහිපයක් අපොහොසත් වී ඇති බව පොලිස් මූලස්ථානය කළ පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මුලස්ථානය පැවසුවේ.
මේ වන විට හඳුනාගෙන ඇති එවැනි සිද්ධීන් 125ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.
මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)