colombotimes.lk
සිංහල | English

01 May 2024

මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්



මියන්මාර අත්අඩංගුවේ සිට පොදු සමාව හිමි වූ ලාංකික ධීවරයින් 15 දෙනා මේ මාසය තුළ දිවයිනට එවීමට හැකියාවක් පවතින බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසනවා.

එරට පොදු සමා දිනයට සමගාමීව ඔවුන්ට පොදු සමාව හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ යාත්‍රා දෙකකින් රැකියාව සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසක්.
(colombotimes.lk)