25 February 2025


කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහතිකයක්



පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම මොහොතකම පෙනී සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී පසුගිය දිනවල සංවිධානාත්මක අපරාධ කල්ලි සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අමාත්‍යවරයා කියා සිටියේ මේ දිනවල සිදුවෙමින් පවතින්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක් බවයි.

(colombotimes.lk)