08 September 2025

logo

අයිස් නිෂ්පාදනයට යැයි සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගනියි



අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යැයි සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේදී අද (07) පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව තංගල්ල පොලීසිය විසින් සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

පොලීසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවයි.

(colombotimes.lk)