ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් අනතුරුව පුරප්පාඩු වූ සාමාජික ධූරය සඳහා ඔහුව පත්කර තිබෙනවා.
1988 වසරේදී නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන් එස් තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස 2019 වසරේදී පත්වීම ලබා තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)