colombotimes.lk
සිංහල | English

18 October 2024


තවත් ප්‍රබලයෙක්ට ඉන්දීය තරගාවලිය අහිමි වෙයි



ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට අහිමි වී තිබෙනවා.

ඒ ඊයේ (24) පල්ලෙකැලේ පැවති පන්දු රැකීමේ පුහුණු සැසියකදී නුවන් තුෂාරගේ ඇඟිල්ලක් අබාධයකට ලක් වීම හේතුවෙන්.

ඔහුගේ ආබාධය කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)