නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති T20 තරගාවලියේ තරගාවලි වීරයාට හිමි සම්මානය සූර්ය කුමාර් යාදෙව් හිමි කරගෙන තිබෙනවා.
ඒ අනුව වැඩිම අවස්ථා ගණනකදී T20 තරගාවලි වීරයා සම්මානය දිනාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සමතැන් ගැනීමට ඔහු සමත්වුණා.
ඒ වනිඳු හසරංග සමඟයි.
වනිඳු හසරංග සහ සූර්ය කුමාර් යාදෙව් මේ වන විට අවස්ථා 6කදී T20 තරගාවලි වීරයාට හිමි සම්මානය තමන් සතු කරගෙන තිබෙනවා.
මෙහි පෙරමුණ හිමි කරගෙන සිටින්නේ විරාත් කෝලියි.
ඔහු අවස්ථා 7කදී තරගාවලියේ වීරයා වී තිබෙනවා.
(colombotimes.lk)
