02 November 2025

logo

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890ක් සමඟ අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙක් ඊයේ (01) මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙක් බවයි.

(colombotimes.lk)