colombotimes.lk
සිංහල | English

08 September 2024


වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක්



සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව අඩුවනු ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් (30-40) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකියි.
(colombotimes.lk)