06 July 2025

logo

තලංගම ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් නිසා විදේශිකයෙකුට දිවි අහිමිවෙයි



තලංගම වටරවුම් පාරේ, ජයන්ති පුර දෙමහල් ගොඩනැගිල්ලක නාන කාමරයක් තුළ ඇතිවූ ගින්නකින් විදේශීය ජාතිකයෙකු මියගොස් තිබෙන බව තලංගම පොලිසිය පැවසුවා. 

විදේශීය රටකින් වායු සමීකරන ගෙන්වන ආයතනයක මෙම ගින්න හටගෙන තිබෙනවා. 
 
ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් කැඳවූ බවයි තලංගම පොලිසිය සඳහන් කළේ.
(colombotimes.lk)