11 July 2025

logo

බිල ඉහළ දැම්මත්, පාඩු ලබන බව විදුලිබල මණ්ඩලය කියයි



2023 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 3 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර තිබෙන බව එහි නවතම මූල්‍ය වාර්තා නිරීක්ෂණයේ සඳහන් කර තිබෙනවා. 

2023 ජූනි 30 න් අවසන් කාර්තුවේ දී මණ්ඩලය විසින් රුපියල් බිලියන 20.65 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ පසුබිමක මෙලෙස පසුගිය කාර්තුව අලාභ ලැබීම විශේෂත්වයක්. 
 
එමෙන්ම විදුලිබල මණ්ඩලය විසින් පිරිවැය ප්‍රතිබිම්බක විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී ඇති පසුබිමක පවා පසුගිය කාර්තුව මෙලෙස අලාභදායීත්වයක් වාර්තා කිරීම ද විශේෂතත්වයක්. 
 
2023 මාර්තු 31 න් අවසන් කාර්තුවේ දී මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 34.37 ක් ලෙසින් වාර්තා වුණා. 
 
ඒ අනුව 2023 වසරේ මුල් මාස 09 තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත අලාභය රුපියල් බිලියන 16.73 ක් ලෙසින් සටහන් වී තිබෙනවා. 
 
2022 මුල් මාස 09 තුළ දී මණ්ඩලය වාර්තා කර තිබූ සමස්ත අලාභය රුපියල් බිලියන 115.79 ක්. 
 
මෙම වසරේ අවස්ථා තුනක දී වරින් වර විදුලි ගාස්තු සංශෝධනය කිරීමකට ලක් වූ අතර එහිදී 2023 පෙබරවාරි මාසයේ දී මුල් වරට විදුලි ගාස්තු ඉහළ දැමුණා. 
 
ඉන් අනතුරුව ජූලි සහ ඔක්තෝබර් මාසවලදී ද විදුලි ගාස්තු ඉහළ දැමීම් යළි සිදුකළා. 
 
මෙම වර්ෂයේ එක් එක් කාර්තුවට අදාළව විදුලිබල මණ්ඩලයේ ලාභ අලාභ ප්‍රකාශයන් පහතින්...
(colombotimes.lk)