09 September 2025

logo

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් සටනක්



එළඹෙන නොවැම්බර් 17වනදා සිට 29වනදා දක්වා පාකිස්ථානයේ පැවැත්වෙන T20 තුන්කොන් තරගාවලියකට ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ එක්වන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සඳහන් කළා.

මෙම තරගාවලිය රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

මෙහි අවසන් මහා තරගය නොවැම්බර් 29වනදා ලාහෝර්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව නොවැම්බර් 19වනදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව සහ 22වනදා පාකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.



(COLOMBOTIMES.LK)