colombotimes.lk
සිංහල | English

03 May 2024

අදත් සවස් කාලයේදී වැසි



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා.

අද (09) දහවල් 12.11ට පමණ උඩප්පු, පිඩිවිල්ල, බකමූණ, නුවරගල සහ එරාවුර් යන ප්‍රදේශවලට ඉහළින් හිරු මුදුන් වන බවද එම නිවේදනයේ සඳහන්.     

(colombotimes.lk)