එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරග වාරයට පෙර මුස්තාෆිසුර් රහ්මාන් සංචිතයෙන් නිදහස් කරන ලෙස IPL නියාමකයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව කොල්කටා කණ්ඩායම නිවේදනය කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් පරිදි නිසි ක්‍රියාදාමය සහ උපදේශනවලින් පසුව මුස්තාෆිසුර් සිය සංචිතයෙන් නිදහස් කර ඇති බවයි.
2026 වෙන්දේසියේ තෝරාගත් එකම බංග්ලාදේශ ක්‍රීඩකයා මුස්තාෆිසුර් රහ්මාන් වීමද විශේෂත්වයක්.
පසුගිය මාසයේ මයිමෙන්සිංහීදී හින්දු පුද්ගලයෙක්ගේ මරණය සහ පසුව වාර්ගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා ලැබීමෙන් පසු ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා පිරිහී ඇති පසුබිමක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව කොල්කටා කණ්ඩායමේ ඇති පුරප්පාඩුව පිරවීම සඳහා විදේශීය ආදේශකයක් සෙවීමට අවසර දෙන බව BCCI නිවේදනය කර තිබෙනවා. 
(COLOMBOTIMES.LK)
